ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පිරිනමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද නවදිල්ලි අගනුවරදී (29) පැවැසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් (S.Jaishankar) මහතා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) උදේ හමු විය.

බදු සහන ව්‍යාපාරිකයන් ලබාගෙන ජනතාවට නොදී සිටීමට සිටින බවත් එවැනි අයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොලැබෙන බවත් බදු සහන ජනතාවට ලබා දෙන්නැයි පරිසර වනජීවී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (05) හසලකදී පැවැත්වූ ප්‍රචාරණ රැළියේදී ද මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව අතරතුර පාක්ෂිකයින් කෑකෝ ගසමින් ඊට බාධා කර තිබේ. එම තත්වය පාලනය කිරිමට මහින්ද රාජපක්ෂ මහතා ගත් උත්සහය අසාර්තවි ඇති අතර එයින් ඉන් කණස්සල්ලට පත්ව දැක්වූ ප්‍රතිචාරය පහත ආකාරයෙනි.

"ඔහොම ඉන්න අගහෙන ඉන්න පොඩ්ඩක්. ජයවේවා කියන වෙලාවක් තියෙනවා. ඔව්, ඒක හින්ද සහෝදරවරුනි .... මේ දැන් අපි ජයවේවා කියමුද පාරක් ? ආහ්. දැන් එහෙම නම් නවත්තාගන්න. .... හරි ... දැන් කතා කරා ඇති, මට කතා කරන්න දෙන්න. දැන් මට කතා කරන්න දීලා ... නැත්තං වේදිකාවට ඇවිල්ලා ඔබතුමාලා කතා කරගන්න.

මොකද ඔය අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවානෙ, කෑ ගහන්නෙ දෙන්නයි තුන් දෙනයි ජයවේවා ගගා.... ආහ් .... ? ඉතිං කරුණාකරලා දැන් මේක නවත්තන්න ..." කෙසේවෙතත් පාක්ෂිකයින් අතරින් ඇසුණේ නම් මහින්ද රාජපක්ෂ මහතා පැවසූ ආකාරයේ "ජයවේවා" කීමක් නොව අපැහැදිලි ඝෝෂාවකි.

නොවැම්බර් 01 වනදා අලව්වේ පැවති පොහොට්ටු රැස්වීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මත්න්‍රි ශාන්ත බණ්ඩාර මහතා අමතන අවස්ථාවේදි ඔහු හූ කිව් අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කථාවට හූ කියමින් පාක්ෂිකයින් පිරිසක් බාධා කරන ආකාරය දක්නට ලැබිණි. එ අනුව මහින්ද රාජපක්ෂ මහතා සිය කතාව ක්ෂණිකව අවසන් කර වේදිකාවෙන් පිටව ගියේය. ඉන් පසු පැවති ජන රැළි කිහිපයකදීම මෙම බදාවන් දිගින් දිගටම සිදුවුයේය.

 

පසුගිය දින කිහිපය තුළත්, විශේෂයෙන් ඊයේ දිනයේදිත් දේශපාලනික වශයෙන් එල්ල වුණු ප්‍රබල ප්‍රහාර දෙකක් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.

කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවත්වන මාධ්‍ය හමුවට ඔවුන් එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ හමුවේ දෙවන දිනටත් සලකා බැලීම සිදුවිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ මස 9 වන දා සිට 12 වනදා දක්වා විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර ලබා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් පිළි ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලු පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස අභියාචනාධිකරණයට අද මැදිහත්වීමේ පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

Latest News