බකමූණේ දී UNP රැළියකට පොහොට්ටුවෙන් ප්‍රහාරයක්..(වීඩියෝ)

නොවැ 05, 2019
  • පෙළොන්නරුව,බකමූණ ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට පැමිණි පාක්ෂිකයින් පිරිසකට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට නීතීඥ යසස්ද සිල්වා මහතා මැතිවරණ කොමිසම් සභාවට අද පැමිණිල්ලක් භාර දුන්නේය.

    මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් යසස් සිල්වා මහතා පවසයි.
    පෙරේදා දිනයේ දී ද මේ ආකාරයටම අම්බලන්තොට එක්සත් ජාතික පාක්ෂිකයින්ට පහරදීමක් හා කඩසාප්පු ගිනිතැබීමක් සිදුකර ඇති බවයි. ඇතැම් පිරිස් ඉතා පහත් විදිහට භීෂණය හා ප්‍රචණ්ඩත්වය උපයෝගීකරගැනීමට ආරම්භ කර ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 2015 පසු ශිෂ්ඨසම්පන්ත පාර්ලිමේන්තු ක්‍රමයක්, මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බවත්, මැතිවරණ කොමිසම් සභාවට විශාල බලතල ප්‍රමාණයක් ලබා දී ඇති බවත් යසස් ද සිල්වා මහතා පවසයි.

    නීතීඥ යසස් ද සිල්වා -  (නවප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැතිවරණ කොමිසම් සභාවේ කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක)

    "ඔබ දන්නවා අද කිසිම තැනක කටවුට්, පෝස්ටර් පේන්න නෑ..මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණයේ හංදියක් ගානේ කටවුට්, පෝස්ටර් ගැහුවා.. නමුත් අද ඒ අශිෂ්ඨ සම්පන්න තත්වය නැතිවෙලා , බොහොම ශිෂ්ඨ සම්පන්න ආකාරයට මැතිවරණ කටයුතු සිදුවෙමින් තිබිය දී මේ ඊයේ හා පෙරේදා දිනවල දී සිදුවූ භීෂණය මුදාහැරීම ඉතාම නරක පූර්වාදර්ශයක්.මෙය ආරම්භ වූ අවස්ථාවේ දීම නැවැත්වීමට කටයුතු කළ යුතුයි."

    මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් කරමින් යසස් ද සිල්වා මහතා කියා සිටින්නේ මේ පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසත්, නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 16:25

    Latest News