ගතවූ පැය 24ට මැතිවරණ නීති කැඩීම් 97ක්

නොවැ 05, 2019

    ගතවූ පැය 24 කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97ක් වාර්තා වූ බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඒ අතර, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 24ක්. 73ක් ලැබී ඇත්තේ, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි. ඔක්තෝම්බර් 8 වැනිදා සිට නොවැම්බර් 4 වැනිදා දක්වා පැමිණිලි 2,867ක් ලැබී තිබේ. ඒ ප්‍රචණ්ඩක්‍රියා 24ක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2,748ක් හා වෙනත් පැමිණිලි 95ක් වශයෙන්.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 11:53

    Latest News