ලක්ෂ 10ක ගංජා පුත්තලමේ දී සේප්පුවෙන් එළියට

නොවැ 05, 2019

    පුත්තලම, පාලවිය මන්සන්ධියේ නිවසක සගවා තිබූ කේරල ගංජා කිලෝ 6යි ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවා සඟවා තිබුනේ නිවසේ තිබූ මුදල් සේප්පුවක තුලයි.කේරල ගංඡා සිද්ධියකට යාපනය මහාධිකරණයෙන් වසර 10 අච්චුකල විවෘත වරෙන්තුවක් සම්බන්ධව දැනට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාරියගේ ස්වාමිපුරුෂයා අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිළධාරින් සැක සිතී මෙම නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ගංජා තොගය හමුව තිබේ.

    මොහු පාලිවිය ප්‍රදේශයේ නම ගිය මත් ද්‍රව්‍ය අලෙවිකරුවකු වන අතර මෙම කේරල ගංජා කිලෝ එකක් ලක්ෂ 1 ½ අලෙවි කිරීමට සුදානමක් තිබූ බවයි, මූලික පොලිස් පරීක්ෂණ වලදී ආණාවර්ණය වී ඇත්තේ.

    ඒ අනුව මෙම ගංජා තොගයේ වටිනාක රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි. මෙම කේරල ගංජ තොගය දකුණු ඉන්දියවෙන් හොර රහසේ දිවයිනට රැගෙන විත් ඇති අතර මාස ගණනාවක් දිය යට හෝ පොළව යට තබා ගැනීමට හැකි ආකාරයට මේවා අසුරා තිබූ බවයි පොලීසය සදහන් කරන්නේ.
    සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසය පරීක්ෂණ සිදු කරණු ලබන අතර සැකකාරිණිය අද (05) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    03 2

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 11:04

    Latest News