ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය අද රැස්වේ

නොවැ 05, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය අද පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

    “ අපි ශ්‍රී ලංකා“ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේ මුලසුන හොබවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතායි.

    "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්ෂා කරන කණ්ඩායම හෙට සම්මේලනයක් පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයින්ගෙන් 95%කට වැඩි පිරිසක් කිව්වා වෙනත් පක්ෂයකට ගොස් සහය දක්වන්න එපා කියලා. ඒ වගේම ඔවුන් කියා සිටියා අපි මේ පක්ෂය රැක ගමු කියලා. ඒවා ගණන් ගත්තේ නැහැ. තමුන්ගේ බලලෝභිත්වයට තනතුරු ගන්න පොහොට්ටුවත් එක්ක එකතු වුණා. අපි හැමෝගේම විරෝධතාවය මේ ගත්ත තීරණයට එකඟ නැහැ. අපි විරෝධය පළ කරනවා. ඒ වගේම රටේම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂකයින්ට කියා සිටින්නේ මේ ගත්ත තීරණයට එරෙහිව සටන් කළ යුතු බවයි."

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. එම පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරු 7.00ට.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:51

    Latest News