පාසල් නිල ඇඳුම් පෙ‍බරවාරියට පෙර

නොවැ 29, 2018

    2016 සිට හඳුන්වා දුන් තිළිණපත් ක්‍රමය වෙනුවට, නැවතත් නිල ඇඳුම් රෙදි ලබා දීමටයි, රජය තීරණය කර තිබෙන්නේ.

    පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි බෙදා දීමට කටයුතු කරන ලෙස, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    පාසල් සහ පිරිවෙන් සඳහා ලබන වසරට අවශ්‍ය පෙළපොත් ප්‍රමාණයෙන් 87%ක් බෙදා අවසන් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

    පෙළපොත් මිලියන 39.4ක් ලබන වර්ෂයට අවශ්‍ය බව, අමාත්‍යාංශය කියා සිටියි.  පෙළපොත් මුද්‍රණයට අති විශාල මුදලක් වැය කරන බැවින්, ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසයි, රජය සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ. හිටපු අමාත්‍යවරයාගේ පණිවුඩයක් හා ඡයාරූපයක් පෙලපොත්වලට ඇතුළත් කර තිබුණ ද, මුද්‍රණය කළ පෙළපොත් බෙදා හැරීම නතර නොකළ බව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 13:41

    Latest News