බන්ඩාරණායක ප්‍රතිපත්ති රාජපක්ෂ පවුලට පවාදුන්නේ SLFP පිරිසක් විසින් - කවින්ද ජයවර්ධන

නොවැ 04, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ගම්පහ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 5ක් ලෝකයට ණය බවත්, ප්‍රේමදාස මහතාගේ දැක්ම වී ඇත්තේ මේ රටේ දුෂණය හා අක්‍රමිකතා නතර කර එවැනි දේශපාලනඥයින් දේශපාලනයෙන් ඉවත් කිරීම බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා තමාට ගෙයක් සාදා ගෙන නොමැති වුවත් අහිංසක ජනතාව වෙනුවෙන් ලක්ෂ 2කට ගෙවල් සාදා දී ඇතැයි ද කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති රාජපක්ෂ පවුලට පවා දුන් අය සිටින බවත් කියා සිටියේය.

    මේ වන විට චන්ද්‍රිකා මැතිනිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා ඉදිරියේ තවත් පිරිසක් එකතු වන බවත් පැවසීය.

    Latest News