ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

පසුගිය 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ගොඩනැගීමට වු යෝජනා මාලාවකින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ කතෝලික මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කළ ලිපිය අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ද භාර දෙනු ලැබිණ.

Latest News