මැතිවරණ නීති කඩකරන්නන් හඳුනා ගැනීමට නවීන කැමරා; රුවන් ගුණසේකර (වීඩියෝ)

නොවැ 04, 2019

    මෙවර ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා නවීන කැමරා යොදා ගන්නා බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    එහිදී අදහස් දැක්වූ රුවන් ගුණසේකර මහතා....

    “ජනාධිපතිවරණය අදාළව සිදු කරන නීති උල්ලංඝණයන් වීඩියෝ ගත කිරීම සඳහා ඉතා කුඩා වීඩියෝ කැමරා යොදා ගැනීමට නියමිතයි. වීඩියෝ කැමරා 71ක් සහ ජැකට් 321ක් ශ්‍රී ලංකා පොලිසියට ලැබිලා තියෙනවා. පැෆරල් සංවිධානයත්, TMVV සංවිධානයත් මේවා පොලිසියට බාරදීලා තියෙනවා“ යැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 20:30

    Latest News