මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනී; මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

නොවැ 04, 2019

    කිලෝ ග්‍රෑම් 200කට අධික හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක්, නාවික හමුදාව විසින් ඊයේ සොයාගනු ලැබ තිබේ.

    ඒ, දකුණු මුහුදු තීරයේ, ගාල්ලට නුදුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරියබණ්ඩාර මහතා...

    “මෙම යාත්‍රාව නාවික හමුදා බාරයට රැගෙනවිත් ඒ පුද්ගලයන් පස් දෙනා සමඟ ඊයේ රැගෙන පැමිණියා. යාත්‍රා පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 224ක ප්‍රමාණයක් මුලික විමර්ශනවලදී නාවික හමුදාවට සොයා ගැනිමට පුලුවන්කම ලැබුණා. මේ යාත්‍රාව ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවක්. ධීවරයින් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් බව හඳුනාගෙන තිබෙනවා. මෙම ද්‍රව්‍ය ලබාගැනිමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් නාවික හමුදා බාරයට ගැනීමට සමත්වුණා“ යැයි ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 20:30

    Latest News