හම්බන්තොට වරාය විකිණීමේ මූලික අඩිතාලම මහින්ද පාලනයෙන්: චීන සමාගමේත් මහින්දගේ පින්තුර - ඇමති අර්ජුණ

නොවැ 04, 2019

    හම්බන්තොට වරාය විකිණීමේ මූලික අඩිතාලම සකස් කළේ රාජපක්ෂ පාලනය බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

    ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා...........

    ‘’මං දැක්කා ඊයේ මහින්ද මහත්තයා කෑගහනවා සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට වරාය විකුණන වෙලේ වචනයක්වත් කීවේ නැහැලු. හම්බන්තොට වරාය විකුණන්න හදන වෙලේ මම තමයි වරාය අමාත්‍යවරයා වශයෙන් හිටියේ. එවෙලේ ගිවිසුමක් ගහලා තිබුණේ මහින්ද මහත්තයලාගේ ආණ්ඩුවෙන්. හැබැයි මම විශාල උත්සහයක් කෙරෙව්වා මේක වෙනස් කරලා අපිට වාසිදායක තත්වයක් ඇති කරන්න.

    හැබැයි හම්බන්තොට වරාය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. ඔය රාජපක්ෂලා එක්කෙනක්වත් ඇවිල්ලා ඒකට විරැද්ධව කතා කළේ නැහැ. දැන් ඔය කෑගහන රාජපක්ෂලා තමයි හම්බන්තොට විකුණන එකේ මූලික අඩිතාලම දාලා තිබ්බේ. එගොල්ලන්ට චීනය එක්ක විශාල සම්බන්ධකම් තියෙනවා. මොකද මම චීනයට ගිය වෙලේ ඒක දැක්කා. සමාන්‍යයෙන් චීනය වගේ රටක අපේ කාගෙවත් පින්තූර ගහන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ පින්තූරය ගහලා තියෙනවා ඔය චීන සමාගමේ. ඉතිං ඒගොල්ලන්ගේ සම්බන්ධකම් ඔබට හිතා ගන්න පුළුවන් නේ....’’යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    Latest News