අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හදන අපේක්ෂකයාට ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ගුරු සංගමයේ සහය

නොවැ 04, 2019

    අධ්‍යාපන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරණ බවට සහතිකයක් ජනාධිපති අපෙක්ෂකයන් විසින් ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ගුරු සංගමය පවසයි.

    ජනාධිපති අපේක්ෂකයන් හමුවි ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සදහා වු ඉල්ලිම් ඉදිරිපත් කිරිමට අවස්තාවක් නොලැබෙන බැවින් මාධ්‍යය හමුවක් මගින් තම ඉල්ලිම් ඔවුන්ගේ අවධානයට යොමු කිරිමට බලාපොරොත්තු වු බව එම ගුරු සංගමයේ මහ ලේකම් එස්. බාලසේකරන් මහතා කියා සිටියේ. මාධ්‍ය හමුව හැටන් නගරයේදි ඊයේ (03) පස්වරුවේ පැවැත්විණ.

    එම ගුරු සංගමයේ මහ ලේකම් එස්. බාලසේකරන් මහතා........

    දල දේශිය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනය සදහා වෙන් කරලා තියෙනවා. එම මුදලින් ගොඩනැගිලි, නිල ඇදුම්, පරිපාලන කටයුතු, ඇතුළු තවත් විවිධ දේවල් වලට ප්‍රතිපාදන වෙන් කරනවා.

    එම ප්‍රතිපාදනවලින් ගුරුවරුන් සදහා කොපමණ ප්‍රතිශතයක් වෙන් කරනවද කියලා දන්නේ නැ? ගුරුවරුන්ට නිල නිවාස නැ, ගුරුවරුන් වැඩි පිරිසක් ඉන්නේ කුලි ගෙවල් වල, ඉඩම් කැබැල්ලක්වත් නැති ගුරුවරුන් ඕනි තරම් ඉන්නවා. ගුරුණය ලබා ගත් ගුරුවරුන් විශාල පිරිසක් ආපසු එම මුදල් ගෙවා ගන්න බැරුව සිටිනවා එ සදහාත් විසදුමක් ජනාධිපති අපෙක්ෂකයන් ඉදිරිපත් කල යුතුයි. මේ රටේ පැවති රජයන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන සැම අවස්තාවකම ගුරුවරුන්ටත් පඩි වැඩි කළා.

    එක්කම ජිවන වියදම ඉහල දමා වැඩි කළ මුදල ආපසු ගන්නවා. වැටුප් වැඩි කරන සැම අවස්තාවකම ජිවන වියදම පහල දැමිමට රජය ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ගුරු පත්විම් ලබා දිමේදි ගුරුවරුන්ට පුහුණුවිම් ලබා දිමේදි නිසි ක්‍රමවේදයකට එය කළ යුතු වනවා.  ගුරුවරුන් ස්ථාන මාරු කිරිමේදි ඔහුන්ගේ සුදුසුකම් අනුව යම් ප්‍රතිපත්තියකට එය සිදු කල යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපේ මේ ඉල්ලිම් වලට ප්‍රතිචාරයක් ලබාදෙන ජනාධිපති අපෙක්ෂකයන් කෙරෙහි අපේ අවධානය යොමු කරන අතර සමස්ත ගුරුවරුන් වෙනුවෙන් අපි මේ ඉල්ලිම ඉල්ලන්නේ යනුවෙන් එස්. බාලසේකරන් මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් පැවසිය.

     

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 15:59

    Latest News