සීත කාමරයේ සිට නීති විභාගය ලියු නාමල්ගේ නින්දිත ඡන්ද වංචාවක්.....රාජ්‍ය දිලිප් ඇමති වෙදආරච්චි (විඩියෝ)

නොවැ 03, 2019
  • රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි නිලමුද්‍රාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිලිබදව පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ළක් ඉදිරිපත් කර තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක , තංගල්ල ප්‍රධාන සංවිධායක රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    තංගල්ල ප්‍රධාන කාර්යාලයේදී අද 03 දහවල් පැවතී විශේෂ මාධ්‍ය හමුවේදී දිලිප් වෙදආරච්චි මහතා මෙම කරුණු අනාවරණය කළේය .

    අදහස් දැක්වූ දිලිප් වෙදආරච්චි මහතා......

    " ලබන 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා බව රටම දන්නා ඇත්ත. මේ නිසා අද පොහොට්ටුව කැත දේශපාලන ව්‍යාපාරයක නිරත වෙමින් ස්වයං වින්දනයක් ලබමින් සිටිනවා. මෙවැනි ජයක් ලබන විටදී රාජපක්‍ෂවරුන්ගේ බලකොටුවක් කියලා ඒ අයම කියපු හම්බන්තොට දිස්ත්‍රික්කයත් අපි ජයගන්නවා. මේ නිසා ඒ පොහොට්ටු කල්ලිය ජනතාව මුලාකරන්න පුළුවන් ඔනෑම නොහොබිනා කටයුත්තක් කරන්න පෙලබිලා ඉන්නවා යැයි ඔහු පැවසිය.

    එහිදී සිද්ධිය පැහැදිලි කළ දිලිප් වෙදආරච්චි මහතා......

    "එවන් අන්ත පරාජයක් ලබන බව දන්නා පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මගේ නිල මුද්‍රාව ඉතා වංචනිකව යොදාගෙන, මන්ත්‍රීවරුන් සදහා ලබාදෙන මුද්දර භාවිත කරමින් ඔහුගේ අත්සනින් ගෝඨාභයට ජන්දය දෙන්න කියලා ලිපියක් මම යවන විදියට ජනතාවට යවලා. එවැනි ලිපි කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. මේක මහා කුමන්ත්‍රණයක්. මේ ලියුම යවලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ගෙවල් වලට. මෙවැනි කුප්‍රකට දේශපාලන කුපාඩිකම් වල යෙදීම නාමල් රාජපක්‍ෂ වැනි මන්ත්‍රීවරුන්ට කිසි සේත් නොවටිනා ක්‍රියාවක්. වායු සමනය කල කාමර වල ඉදලා නීති විභාගය ලියුවත්, මෙවැනි නින්දිත, පහත්, අසික්කිත, සක්කිලි වැඩ කරන්න එපා කියලා මම නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමාට කියනවා. මෙවැනි කුප්‍රකට ක්‍රියාවලින් මේ දකුණේ මිනිස්සු රවට්ටන්න බැහැ. හම්බන්තොට ජනතාව නැවත මෙවර රවට්ටන්න ලැබෙන්නේ නැහැ . මොකද කිසි බේදයකින් තොරව සියළු ජන කොටස් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිනවා. එවැනි තත්වයක් හමුවේ මෙවැනි ලද බොළද වැඩ මගින් ජනතාව රවට්ටලා ජන්දය ගන්න හිතන් ඉන්නවා නම් ඒ තරම් රැවටීමක් තවත් නැහැ. ඒ නිසා දැන් ඉතාම පැහැදිලියි ජනතාව රවටන්නේ කවුද කියලා. මෙවැනි කුමන්ත්‍රණ පිලිබදව පොහොට්ටුවේ කල්ලියට හොද අත්දැකීම් තියෙනවා . මොකද ඉතිහාසයේ ඉදලම මේ විදිහට තමයි ජන්දය කොල්ල කෑවේ. යැයි මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළ දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ පිලිබදව ජාතික මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කල බවත් සදහන් කළේය .

    ඊට අමතරව මේ පිළිබද නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු පක්‍ෂයේ නීති කණ්ඩායම් ක්‍රියා කරගෙන යන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    Last modified on ඉරිදා, 03 නොවැම්බර් 2019 18:29

    Latest News