මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අත්සන් තැබිමට සූදානම්: රටට අහිතකර වගන්ති හෙලි කිරිමට අවස්ථාව

නොවැ 03, 2019

    මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇති බැවින් අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි යැයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනය මගින් කියා සිටි. අත්සන් කිරිමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බව පවසන පිරිස් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති අය බවයි ඔහු පවසන්නේ.

    මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු නිත්‍යනුකූල වන බවට ගිවිසුම තුළම අන්තර්ගතවේ.

    ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව පවතියි. දැනට මේ සඳහා නීතිපතිගේ එකඟතාවය ඇති බැවින් අත්සන් තැබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැති බව මුදල් අමාතයංශය පවසයි.

    ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මොහොතක ජනතාව තුළ භීතිකාවක් මවන පුද්ගලයන් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිවැරදි බව නීතිපති විසින් එකඟතාවය පළ කර ඇති බැවින් ගිවිසුමේ පිටපත මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එ අනුව ගිවිසුම මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දනාගේ විචාරය පිණිස ඉදිරිපත් කරණ බව මුදල් අමාතයංශය පවසයි

     

    Latest News