දකුණේ පිරිසක් ආගමික නායකයින් නමින් පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩ සාප්පු විනාශ කිරිමේ උත්සහයක - ඇමති රිෂාඩ්

නොවැ 02, 2019

    අද දකුණේ කණ්ඩායමක් බෞද්ධ ආගමික නායකයින් නමින් පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩා සාප්පු විනාශයට පත් කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

    කොටස් කිහිපයකට බෙදී ඡන්දය සජිත් ප්‍රේමදාසට මහතාට හැර වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් අනාගතයේදී රට භාර ගැනීමට සිටින පරම්පරාව විනාශයට පත්වීම කිසිවෙකුට වලක්වන්න බැරි බව ඔහු පෙන්වා දුනී. මේ තත්වය උදාකළේ කවුරුන්ද කියා සියලුදෙනා හොඳින් දන්නවා යැයි ඔහු කියා සිටියේය.

     වව්නියාවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ ජන රැළියට එක් වෙමින් ඔහු මේ බන පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා......

    “මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලිය යුතු මැතිවරණයක්. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රශ්න ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාති බේදයක් ඇති කර රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථා කරන ජනතාව මෙම මැතිවරණයේදී ඉතා සුපරක්ෂාකාරිව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

    සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන විට අපේ ජයග්‍රහනය කිසිවෙකුට වැලැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදිලා ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගිනිමින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය සජිත් ප්‍රේමදාසට මහතාට හැර වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් අනාගතයේදී රට භාර ගැනීමට සිටින පරම්පරාව විනාශයට පත්වීම කිසිවෙකුට වලක්වන්න බැරි බව අපි දැනගත යුතුයි.


    ඇතැම් කණ්ඩායම් විසින් මුස්ලිම් නායකයින් පිළිබඳව බොරු ප්‍රචාරය කර මුස්ලිම් ජාතීන්ගේ ඡන්දය කඩා දැමීමට කොළඹ සිට නියෝජිතයන් කණ්ඩායම් ගමින් ගමට යවමින් සිටිනවා. මේ අවස්ථාවේදී අපි ප්‍රවේශමෙන් කටයුතු සිදු කළ යුතුයි. අපි ඉතා සන්සුන්ව සිතිය යුතුයි. අපි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්. අපගේ පවුලේ දරුවන්, ඥාතීන් අහිමිවූවන් ලෙස අනාතවී ඉන්දියාවටද ගියා, අපි සරණාගතයින් වශයෙන් හැම පැත්තෙන්ම දුක්විඳිමින් සිටියා. අපිට ඒක අමතක කරන්න බැහැ. බොහෝ කාලයක් තිස්සේ අතුරුදහන්වුවන් සොයාදෙන ලෙස ඉල්ලා අපගේ මවුවරුන් වවුනියාව, මන්නාරම, මුලතිවු, කිළිනොච්චි , යාපනය යන ප්‍රදේශවල ගොස් ඇති බව ඔබ සියලුදෙනා හොඳින් දන්නා කරුණක්. තවමත් අතුරුදන්වූවන් සොයමින් සිටින කණ්ඩායමක් හඩා වැලපෙමින් සිටිනවා. සිර ගෙවල්වල අපගේ තරුණයින්, සහෝදරයින් තවමත් සිටිනවා. රටේ ජනතාවගේ දිළිඳුකමට විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා. මෙවැනි වාතාවරණයක ජීවත්වීමට අපට හොඳ නායකත්වයක් අවශ්‍යයි.

    මම ඇතුලු මගේ ජනතාව අවුරුදු 30ක යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන්නා. දකුණේ විවිධ කණ්ඩායම් බෞද්ධ ආගමික නායකයින් නමින් අද නීතිය අතටගෙන මුස්ලිම් පල්ලි , කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩ සාප්පු විනාශයට පත් කරමින් සිටිනවා. මේ තත්වය උදාකළේ කවුද කියා ඔබ සියලුදෙනා හොඳින් දන්නවා.

    එක්වන්න, එකමුතු වන්න, බෙදී නොයන්න. ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, වෙන්න පුලුවන් මනෝගනේෂන්, රාධා ක්‍රීෂ්නන් නැත්නම් දිගම්බන්ගේ පක්ෂය වෙන්න පුලුවන්. අපි සියලුදෙනා පක්ෂ බේදයෙන් තොරව එකමුතු විය යුතුයි. මෙය අපේ රට. අපව කිසිවෙකුට යටත් නොවී සියලුදෙනාම එකාවන්ව ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට සුදුසු එකම එක නායකයා සජිත් ප්‍රේමදාසයි. එම නිසා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දී හංසයා සළකුණට ඡන්දය ලබාදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා යැයි ඔහු කියා සිටියේය.

    Latest News