සජිත් දුප්පතාගේ දුක දන්නා නායකයෙක්: ගෝඨාභය ජාතිවාදය වපුරන්නෙක් - පොළොන්නරුව දිස්ත‍්‍රික් පුජකවරුන්ගේ සංගමයේ (විඩියෝ)

නොවැ 02, 2019
  • නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දිනවිමට තමන් කැපවෙන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පුජකවරුන්ගේ සංගමය ඊයේ අවධාරනය කළේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාව දිඹුලාගල පරණ මිල්ලාන හිංදු දේවස්ථානයේදි පැවැත්විණ. පොළොන්නරුව දිස්ත‍්‍රික් පුජකවරුන්ගේ සංගමයේ සියලූ පුජකවරුන් නියෝජනය කරමින් නිලධාරින් කිහිප දෙනෙක් එයට එක්වුයේය.

    පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුල දෙමළ ගම්මාන 12 ක් ඇති බවත් එහි සියලූ ඡන්ද සජිත් පේ‍්‍රමදාස මහතාට අනිවාර්යයෙන් ලබාදෙන බව ඔවුන් පැවසුහ. ගොඨාභය රජපක්ෂ මහතා විසින් ජාතිවාදය වැපිරිමද ඊට හේතුව බව ඔවුන් කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂය විසින් සෑම ජන කොටසකටම සමගියෙන් ජිවත්විමට හැකි පරිසරයක් ගොඩනගා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පර්ශවයෙන් සිදුවන අන්තවාදි ප්‍රචාරයන් මෙම සහජීවනයට බලපැමක් බවත් පොළොන්නරුව දිස්ත‍්‍රික් පුජකවරුන්ගේ සංගමය පෙන්වාදුනී. සජිත් ප්‍රේමදාස මහතා දුප්පත් ජනතාවගේ දුක දන්නා නායකයෙක් බවත් ඔහු ජනාධිපති විමෙන් තම වැව් අමුණු සහ ආගමික සිද්ධස්ථාන යලි ගොඩනැගීමේ අවස්ථාව උදාවන බවත් විශ්වාසය පළ කළේය.

    සිංහල, දමිල, ආදිවාසි පුජකවරුන් එහි ආසුන් ගෙන සිටිම වැදගත් වුහ.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 14:38

    Latest News