රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි 14, 15

ජූනි 16, 2020

    රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජුලි මස 16 සහ 17 යන දින වෙන් කර ඇති බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද හිමියන්ට ජුලි 20 සහ 21 දිනවල සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම ජුලි 11,12 සහ 13 යන දිනවල සිදු කිරීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ජුලි 29 වැනිදායින් අවසන් වනු ඇත.

    Latest News