මධ්‍යස්ථාන 103ක තැපැල් ඡන්ද ගණන්කර අවසන්..මැ.කෝ

නොවැ 17, 2019

    තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් 103ක ඡන්දය ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලවලට ලැබී ඇති බව, මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    එයින් 70කට අධික ප්‍රමාණයක් මේ වන විටත් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. එහෙත් කිසිදු දිස්ත්‍රික්කයක සියළුම තැපැල් ඡන්ද එම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබී නැති බැවින්, කිසිදු දිස්ත්‍රික්කයක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි සභාපතිවරයා පවසන්නේ.
    සාමාන්‍ය තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179න් 30කට අඩු ප්‍රමාණයක පමණක් ප්‍රතිඵල ගණන් කර අවසන්. එයින් නිවැරදිබව තහවුරු කළපසු මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇත්තේ මධ්‍යස්ථාන 3ක ප්‍රතිඵල පමණයි. එහෙයින් එම ප්‍රතිඵල ද නිකුත් කිරීමට ප්‍රමාද වේ. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද පෙට්ටි ලැබී අවසන් වන විට රාත්‍රී 10.00 පමණ වූ නිසා එම දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීම බොහෝ දුරට ප්‍රමාද විය හැකි බව ද සභාපතිවරයා පවසයි.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 01:51

    Latest News