මොරගහකන්ද - කළුගඟ මහවැලි එෆ් කලාපය තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කෙරේ

නොවැ 01, 2019

    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාව ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙහි මහවැලි එෆ් කලාපය නමින් නව කලාපයක් පිහිටුවමින් පදිංචි කිරීම් ආරම්භ කරන ලදී.

    මෙම ප්‍රදේශයෙහි පදිංචි කරවන ලද ජනතාවට ගොවිතැන් කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සඳහා නකල්ස් කඳු පන්තිය හරහා ගලා එන කළු ගග ජලාශය මගින් ජලය ලබා දෙයි.

    එම කලාපය කාබනික පොහොර භාවිතයෙන් පමණක් සහ පිරිසිදු ජලය භාවිතයෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සුදුසු ප්‍රදේශයක් ලෙස ද හඳුනා ගෙන ඇත.

    මොරගහකන්ද - කළුගඟ මහවැලි එෆ් කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදු කරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කිරීමට අදාළ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News