කල්දැමුණු රාජාංගනයේ, තැපැල් ඡන්ද විමසීම අද (වීඩියෝ)

ජූලි 29, 2020
  • කොරෝනා ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව කල්දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තැපැල් ඡන්ද විමසීම අද සිදු කෙරිණ.

    කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමත් සමඟ රාජංගනය ප්‍රදේශයේ සංචරනය සීමා කිරීම හේතුවෙන් තැපැල් ඡන්ද විමසීම කල් දැමිණ. ඒ අනුව, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී, ඡන්ද විමසීම සිදු කෙරේ. ප්‍රදේශයේ තැපැල් ඡන්ද හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාව 412ක්.

    Last modified on බදාදා, 29 ජූලි 2020 20:00

    Latest News