ඕනෑම පොඩි මිනිසෙකුට බියක් නැතිව ජනාධිපතිවරයාට දුක් ගැනවිලි ඉදිරිපත් කළ හැකි රාජ්‍ය පාලනයක්..සජිත්

ඔක් 28, 2019

    රටේ ඕනෑම පොඩි මිනිසෙකුට බියක් නැතිව තම දුක් ගැනවිලි ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි රාජ්‍ය පරිපාලනයක් තමන් නිර්මාණය කරන බවත්, තමන් හොද මානව හිතවාදියෙකු බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවයි. ඔහු මේ බව කියා සිටියේ පුත්තලම, හලාවත නගරයේ පැවති ජන හමුවට ඊයේ (27) එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    "ජනතාව ප්‍රශ්නයක් ඉදිරිපත් කළ පමනින් මම ඇගයට කඩාගෙන පනින්නේ නෑ. කපන්න කොටන්න, වෙඩි තියන්න,ගිනි තියන්න යන්නේ නැහැ. ඒ නිසා කිසිම භයක් නැතුව ඕනෑම පොඩි මිනිසෙකුට තම දුක් ගැනවිලි අරගෙන මම ගාවට එන්න පුළුවන්. මම ගෝනි බිල්ලෝ දේශපාලනය සිදු කරන්නේ නෑ. ඒ සඳහා දක්ෂ අපේ ප්‍රතිවාදීන්.

    පසුගිය රජය සමයේ දී ඉන්ධන සහනාධාර ඉල්ලා හලාවත ජනතාව පාරට බැස්සා. ඒ ජනතාවට මොකද වුණේ, හලාවත ඇත්තනී සහෝදරයාට සිදුවුණේ කුමක්ද? බීමට වතුර ඉල්ලා උද්ඝෝෂණ කළ රතුපස්සල ජනතාවට මොනවද ලැබුණේ, රටේ ජනතාවගේ පැතුම් එවන් යුගයකට නැවත යාම ද කියා මම අසන්නට කැමතියි. අපේ කාලය තුළ උද්ඝෝෂණ සිදු කරන, පෙළපාලි යන්න, වැඩවර්ජන ක්‍රියාත්මක කරන්න ඕනෑ තරම් නිදහස් තිබුණා. එම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැති කර ගන්න එපා.

    ලබන 16වැනිදා අප නිර්මාණය කරන්නේ නව ආණ්ඩුවක්. නව නායකත්වයක් තුළ අපි යන්නේ අළුත් ගමනක්. අතේ කුණු තැවරුණු අය අපේ ආණ්ඩුවට ගන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන, හොරකම් මැරකම් නොකරන, සුපිරිසිදු ආණ්ඩුවක් අපි හදන්නේ. පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන පොඩි මිනිසාගේ දුකට කඳුලට සවන් දීලා, ජනතා ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙනවා." යනුවෙන් ද පැවසීය.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 11:51

    Latest News