මල් වෙඩිල්ලක් පත්තුවී සිව්දරු පියා මරුට

ඔක් 28, 2019

    දිපාවලි උත්සවය දින පැවති සංගිත සංදර්ශනයක දී මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය සිව්දරු පියෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

    මිය ගොස් ඇත්තේ මස්කෙලිය සාමිමලේ ස්තැස්පි වතුයායේ පදිංචි මුත්තුසාමි ගිරිබාකරන් නැමති (40) හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ (27) පැවති දිපාවලි උත්සව දිනයේ මස්කෙලිය, ගවරවිල ක්‍රිඩාංගණයේ සංගිත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහි සංවිධායකවරයෙකු වශයෙන් කර තිබේ. අනතුරු10.30 ට පමණ මල් වෙඩිල්ලක් පත්තු කිරිමට උත්සහ කල අවස්තාවේ මල් වෙඩිල්ල මුහුණේ වැදි පිපිරි යැමෙන් පසු පිලිස්සුම් තුවාල සහිතව තුවාලකරු මස්කෙලිය රෝහල වෙත රැගෙන යාමේ දී ජිවිතක්ෂයට පත් වි ඇති බවයි මස්කෙලිය පොලිසිය පැවසුවේ.
    මිය ගිය සිව්දරු පියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා මස්කෙලිය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 11:39

    Latest News