ගමක් ආක්‍රමණය කළ හැකරැල්ලන් (ඡායාරූප)

ඔක් 28, 2019

    හබරණ, පලුගස්වැව, දෙමුනෑව ගම්මානයට සති කිහිපයක සිට හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී හේතුවෙන් ගම හැරදා යාමට සිදුව ඇතැයි ගම්මුන් පවසති.

    සුදු සහ කහ පැහැති පාද රැසක් පවතින මෙම හැකරැල්ලන් විශාල ප්‍රමාණයක් දෙමුනෑව ගම්මානයේ නිවෙස්වල සහ අවට කැලෑවල සිටින බව ගම්මුන් කියති. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ක්‍රියාත්මක මෙම හැකරැල්ලන් විශේෂය දැඩි දුර්ගන්ධයක් පවති.

    මෙම හැකරැල්ලන් විශේෂ පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් වරයාට ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිළධාරි වරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දැනුවත් කළ බවත් එම අය ද පැමිණ පරීක්ෂාකොට බලා මෙම හැකරැල්ලන් මර්දනය කිරීමට නොහැකි බව පවසා තිබේ.

    hakaralla1 px 900 19 10 28

    දෙමුනෑව ගම්මානයේ බොහෝ ජනතාව තම නිවෙස් වටා ඉටිරෙදි වලින් අඩි එක හමාරක පමණ උසට හැකරැල්ලන් ට පැමිණීමට නොහැකි වන පරිදි ආවරණය කර තිබීම විශේෂත්වයකි. එහෙත් ඉටිරෙදි සවිකරන ලී කැබලි වලින් සහ ඉටිරෙදි ඇතුලෙන් මෙම හැකරැල්ලන් නිවෙස්වලට පැමිණීම සිදුවේ. මේ හේතුව නිසා තමන්ට ආහාරයක් පිසගැනීමට ආහාරය ගැනීමට වැසිකිලියකට යෑමට එලියට පහලියට බැසීමට හෝ අඩුම තරමේ මිදුලේ ඇවිදීමට වත් නොහැකි තත්වයක් පසුවන බව ඔවුහු කියති.

    hakaralla3 px 900 19 10 28

    කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් හැකරැල්ලන් නිසා තමන්ට ගම හැරදා යෑමට සිදුවන බවත් එහෙත් ගම්මුන්ට යෑමට තැනක් නැතැයි ඔවුහු පවසති. මෙම ගම්මානයට ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකිව ඇත්තේ ලක්ෂ ගණනින් තැන තැන ඇවිදින හැකරැල්ලන් විශේෂයයි. එමෙන්ම හැකරැල්ලන් දහස් ගණනාවක් තැන තැන මැරී වැටී තිබෙන ආකාරයද දැක ගැනීමට හැකිවි ඇත.

    hakaralla2 px 900 19 10 28

    මෙම සත්ව විශේෂය අනෙකුත් ගම්මාන වලට පැතිර යෑමට මත්තෙන් කඩිනමින් මර්දනය කර දෙන්නැයි ගම්මුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටීති. අප මේ පිළිබදව පලුගස්වැව ප්‍රදේශීය ලේකම් අයි. ජි. එස්. අයි. බණ්ඩාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මේ තත්වය පිළිබදව අදාළ අංශ දැනුවත් කොට තිබෙන බවයි.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 18:01

    Latest News