කිරිදි ඔයේ ගිලී පුද්ගලයක් මරුට

ඔක් 28, 2019

    වැල්ලවාය, ඌව කුඩාඔය, නයිගල්ආර ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රී දියේ ගිලීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඔහු හේනට යාම සදහා කිරිදි ඔය හරහා ගමන් කරමින් සිටියදී මෙලෙස දියේ ගිලී තිබේ.

    පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහු ගොඩට ගෙන ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙසේ මියගොස් ඇත්තේ උඩපාර, තෙලුල්ල, ඇතිලිවැව ලිපනයේ පදිංචි ජී.කේ.පියදාස නැමැති 65 හැවිරිදි පුද්ගලයකු බව ඌව කුඩාඔය පොලිසිය සදහන් කළේය.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 09:20

    Latest News