මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ දෙකක්

ඔක් 28, 2019

    ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා පවසයි.

    ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 48,000ක් යෙදවීමට නියමිත බවද ඡන්ද පොළ කාර්ය මණ්ඩල සඳහා රාජ්‍ය නිලධාරින් 98,000ක් පමණ යෙදවෙන බවද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

    එමෙන් ම සුබසාධන, ප්‍රවාහන ආදී කමිටු සඳහා නිලධාරීන් 10,000ක් යෙදවෙයි.නිලධාරින් 10,000කින් සමන්විත සංචිතයක් ද ක්‍රියාත්මක වෙයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සිදුවන ඡන්ද මධ්‍යස්ථානවල අවම වශයෙන් නිලධාරීන් 08ක් පමණ රජකාරියේ නියැලෙන බව ද එය එක් එක් ඡන්ද පොළ අනුව නිලධාරී සංඛ්‍යාව වෙනස් විය හැකි බවද ජයසිංහ මහතා සඳහන් කළේ ය.

    ඡන්දය ගණන් කිරීම් සිදුවන දිනවල අවශ්‍යතාවය අනුව අතිරික්ත කාර්ය මණ්ඩල යෙදවීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළ ජයසිංහ මහතා, මේ වනවිටත් මැතිවරණ රාජකරිවලට රාජ්‍ය නිලධාරීන් යෙදවීමේ කටයුතු සිදු කරමින් පවතින බව සඳහන් කළේ ය.

    Latest News