රටේ නීතිය තවදුරටත් උපරිමයෙන් ආරක්ෂා කරන්න සජිත්ගේ ජය තහවුරු කරන්න..අගමැති (වීඩියෝ)

ඔක් 28, 2019
  • පසුගිය වසර 5 තුළ රට තුළ උපරිමයෙන් නීතිය ආරක්ෂා කිරීමට තම රජය කටයුතු කළ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එය ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යාමට නම්, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජල තහවුරු කළ යුතු බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සරසවි සිසුන් සමග ඊයේ පැවති හමුවක දී. සරසවි සිසුන්ගේ යෝජනාවලියක් අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහි දී සිදුවිය. මැති - ඇමතිවරුන් ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියේය. සිසුන් ඉදිරිපත් කළ ප්‍රශ්වනලට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 11:02

    Latest News