යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව අදාළ චෝදනා ලත් පාර්ශවවලින් සාක්ෂි සටහන් කර ගැනීම හෙට (27) ආරම්භ වෙයි.

අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අසර්බයිජානයේ බලධාරීන් මේ වනවිට පරීක්ෂණයක් අරඹ ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා පවසයි.

පසුගිය 21 වැනිදා සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බවත්, කෙටි කාලයකින් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවත් අගැමතිවරයා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (15) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල් ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ දී යුද්ධ හමුදා ඇඳුමට සමාන නිල ඇඳුමකින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Latest News