උදා ගම්මාන ජනයා සජිත්ගේ පෝස්ටර් ගහගෙන උනන්දුවකින් සිටින්නේ.... ඇමති මංගල

ඔක් 26, 2019

    2015 වසරේ ජනාධිපතිවරණයේදි එජාප අපේක්ෂකයා රටේම ජයග්‍රහණය කරද්දී මාතර දිස්ත්‍රික්කයේ පරාජයවීම එහි ජනතාවට අවාසි බවත් එලැබෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මාතර දිස්ත්‍රික්කයෙන් ඉහලට ගත යුතු යැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    අමාත්‍යාවරයා මේ බව කියා සිටියේ අද (26) වැලිගම එජාප බල මණ්ඩලය අමතමිනි. මේ අවස්ථාව සදහා හේමා ප්‍රේමදාස මැතිණිය, දුලංජලී ප්‍රේමදාස මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පිරිසක් සහභාගී වුහ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ මංගල සමරවීර මහතා අමාත්‍යවරයා.......

    "අද අපි 82 සහ 91 කාල වල දි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉදි කරපු කඹුරුපිටිය පැත්තෙ උදා ගම්මාන කිහිපයක් බලන්න හේම ප්‍රේමදාස මැතිණිය සහ දුලංජලී ප්‍රේමදාස මහත්මිය එක්ක ගියා. ඒ ගම්මාන වල මිනිස්සු පුදුම ආදරයකින් හේමා මැතිණිය එක්ක කථා කලා. ඒ වගේම අපි ගියපු හැම උදා ගම්මානයකම මිනිස්සු සිය කැමැත්තෙන්ම තමන්ගෙ ගම්මාන වල සජිත් ඇමතිතුමාගේ පෝස්ටර් ගහගෙන පුදුම උනන්දුවක් තියෙන්නෙ.

    ඒ වගේම පසුගිය වසර කිහිපය පුරාම රාජපක්ෂලාට ජන්දය දුන්න උදා ගම්මාන වල ඉන්න සමහර මිනිස්සු මේ පාර සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙල ගැසිල ඉන්නෙ අන්න ඒ නිසයි අපි කියන්නෙ මේ දිනන්න පුලුවන් මැතිවරණයක් කියල.

    ඒ වගේම තමයි මධ්‍යම පලාතට, බස්නාහිර පලාතට, උතුරු පලාතට ඒ වගේම අර කුරුණෑගලින් ඉල්ලපු රාජපක්ෂ උන්නැගේ ඉන්න පැත්තට ගියත් අද සජිත් මහ ඉහලින් පිලිගන්නව. ඒ නිසා මෙදා සැරේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම විශ්වාස බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

    Latest News