රුසියානු සංචාරකයින් 336 දෙනෙකු දිවයිනට

ඔක් 26, 2019

    රුසියානු සංචාරකයින් 336 දෙනෙකු අද දිවයිනට පැමිණියේය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු එකවර මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස මොවුන් බවයි වාර්තා වන්නේ. ලබන මාර්තු මාසය වනවිට සංචාරකයින් 28,000කට අධික පිරිසක් රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින බව එම සංචාරකයින් පවසයි. රුසියාවේ ප්‍රධාන පෙළේ සංචාරක ආයතනවල නියෝජිතයින් 25ක් ද මේ අතර වේ. ඔවුන් දින 10ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, එම කාලය තුළ ගාල්ල, මහනුවර, ඇල්ල සීගිරිය යන ස්ථාන නැරඹීමට නියමිතයි.

    Latest News