මහින්ද ලංකාවේ අඳුරු දිනය බිහිකර අදට වසරක්: පා.ම: මනුෂගේ සිහිකැඳවීමක්

ඔක් 26, 2019

    ලංකා ඉතිහාසයේ අදුරුතම යුගය, ප්‍රජාතනත්‍රවාදී ආණ්ඩුව පළවාහැර ව්‍යාවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත්කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී අගමැතිවරයා ගෙදර යවා හොර අගමැති පත්කර අද වසරක් සපිරේන බව ඔහු කියා සිටියේය. අද (26) පැවති මාධ්‍ය හමුවට මනුෂ නානායක්කාර පා.ම. ඒක් වෙමින් මේ බව පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා........
    ඒ් හොර ආණ්ඩුව පිහිටුවලා, ගෙම්බෝ ඒකතු කරන්නවගේ කැබිනට්ටුව පත්කරමින් ගියා, අවසානයේ ඒය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුණා. විවිධ පුද්ගලයන්ට වරදාන මුදල් දෙමින් පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනීමට උත්සාහ කළත් ඒය අසාර්ථක වුණා. ඒදා ඒස්.බි. දිසානායක විසින් පාලිත රංගේ බණ්ඩාර කැබිනට්ටුවට ගැනීම සඳහා සිදුකළ දුරකථන සංවාදය මාධ්‍ය හමුවේ හෙලිදරව් වීම සමග සිදුවුණ කුමන්ත්‍රණය හෙලිදරව් වුවා. පාර්ලිමේන්තුව තුළ අවස්ථා තුනක දී පරාජය වීමත්, පොලිසියට සහ සහෝදර මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාර ගැසීම සදහා මහින්ද රාජපක්ෂගේ තිබුණ අනුග්‍රහය රටටම දැක ගැනීමට හැකි වුනා.

    පොලිසියට කනේ පහර, මිරිස් ප්‍රහාර ඒල්ල කළ ආකාරය දැක ගැනීමට හැකි වුනා. අවසනයේ දී පාර්ලිමේන්තුව තුළ දී තෙවතාවකුත්, අධිකරණය මගින් දෙවතාවකුත් ජනාධිපතිවරයාගේ තීන්දුව වැරදි බවට තීන්දු වීමත් සමග රජපක්ෂවරුන්ට හකුලාගෙන යන්න සිදුවුණා.

    පාස්කු ප්‍රහාරය පිටපුස සිටින ත්‍රස්තවාදීන් පොෂණය කලේ, පඩි දුන්නේ කවුද කියලා දැන් ඔපුවෙලා තියෙනවා.එක පසකින් පාස්කු ප්‍රහාරයේ පිටු පස සිටින පුද්ගලයන් පොෂණය කරමින්, ජාතිවාදය සහ ආගමික අන්තවාදී කණ්ඩායම් මෙහෙයවමින් සිදුකරනු ලබන ක්‍රියාදාමය දැන් රටටම හෙලිදරව් වී තිබෙනවා. කෙහෙලිය රඹුක්වැල්ල පාස්කු ත්‍රස්තයන්ට පඩි දුන් බවට පිළි ගත්තා යැයි ඔහු පෙන්වා දුනී.

    Latest News