උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය මහවට සීමාවෙයි

ඔක් 23, 2019

    පීලිපැනීමට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීම සිදුකෙරෙන බැවින් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය මහව දක්වා සීමාකර තිබේ.

    පීනිපැනීමට ලක්වූ දුම්රිය මැදිරි හයෙන් තුනක් මේ වන විට පීලිගත කර තිබේ. දුම්රිය එන්ජිම හා අනෙකුත් මැදිරි තුන පීලිගත කිරීමේ කටයුතු මේ බව විට සිදුකෙරෙනමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    පසුගියදා (21) රාත්‍රී 7.00 ට කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අවුකන ප්‍රදේශයේ දී පීලී පැනීමකට ලක් වීමට ලක්විය.

    ඒ අනූව, පෙ.ව. 6/05 ට කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය සහ පෙ.ව. 6/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින නොවීය.

     

     

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 08:07

    Latest News