මුර කුටියේදී සෙබලෙක් සියදිවි නසා ගනී

ඔක් 23, 2019

    රාජකාරියේ යෙදෙමින් සිටි යුද හමුදා සෙබලෙකු සිය T56 රාජකාරී ගිනි අවියෙන් පපුවට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

    ඊයේ (22) සවස 4.00ට පමණ රාජකාරී මුර කුටිය තුළදීම මෙම සෙබලා විසින් වෙඩි තබාගෙන තිබේ. වැලිකන්ද පොලිස් වසමේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුණරුත්තාපන මධ්‍යස්ථානයේ මෙම සෙබලා රාජකාරී කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වයස අවුරුදු 19ක් වන ඔහු කිරිඉබ්බන්වැව සෙවනගල ප්‍රදේශයේ පදිංචි මදුෂාන් ප්‍රේමකුමාර නැමැත්තෙක්. සෙබලා වෙඩි තබාගෙන සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 09:13

    Latest News