ප්‍රතිසංස්කරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනයක්

ජූලි 13, 2023

    ප්‍රතිසංස්කරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනය, අද සිදු කෙරුණා.

    ඒ, අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටසේ වැඩ නිම කිරීමෙන් පසුවයි.

    පර්යේෂණ ධාවනය සඳහා වෙන් කෙරුණු දුම්රිය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.50 ට යාපනය බලා ගමන් ආරම්භ කළා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් එම සංචාරයට එක්ව සිටිනවා. පසුගිය ජනවාරි 5 වැනිදා ආරම්භ කළ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඉන්දීය ණය ආධාර යටතේ ක්‍රියාත්මකයි. අදියර දෙකකින් යුත් එහි පළමු අදියරේදී අනුරාපුරයේ සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණය කෙරුණු අතර, මහව සිට අනුරාධපුරය දක්වා දෙවැනි අදියරේ ප්‍රතිසංස්කරණ ලබන වසර මුලදී ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News