ගතවූ පැය 24ට මැතිවරණ පැමිණිලි 96ක්

ඔක් 20, 2019

    ගතවූ පැය 24තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් හා වෙනත් පැමිණිලි 96ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

    ඉන් 92ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි බවයි එම කොමිසම පවසන්නේ. පසුගිය 8 වැනිදා සිට ඊයේ දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1034ක්. ඉන් 8ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 992ක් ඒ අතර වෙයි. වෙනත් පැමිණිලි ද 34ක් ලැබී ඇති බවයි, කොමිසම පවසන්නේ.

    ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට මෙම පැමිණිලි ලැබී තිබේ.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 12:10

    Latest News