වීසා නැති චීන ජාතිකයින් 7ක් අත්අඩංගුවට

ඔක් 20, 2019

    වීසා බලපත්‍ර හෝ නීත්‍යානුකූල ලියවිලි සන්තකයේ නොතිබූ චීන ජාතිකයින් සත් දෙනෙකු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට වනාතවිල්ලුව පොලීසිය පියවර ගත්තේය.

    අනතුරුව එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් රබ්දුල් කාදර් මහතා නියෝග කළේය. වනාතවිල්ලුව ප්‍රදේශයේ ඊයේ රැඳී සිටි මෙම පුද්ගලයන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, අරුවක්කාලු කසළ අංගනය නැරඹීමට පැමිණි බවයි. සැකකරුවන්ට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කලේය. ඒ ගමන් බලපත්‍ර ඉදිරිපත් කිරීමේ නියෝග යටතේයි.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 11:59

    Latest News