තෙහැවිරිදි අනුරාධ මිය යයි

නොවැ 27, 2018

    පින්නවල අලි අනාථාගාරයේ සිටි තෙහැවිරිදි අලිපැටවෙකු අද අලුයම මිය ගිය බව, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ, මිහිරාන් මැදවල මහතා පවසයි.

    පසුගියදා අනුරාධ නමැති මෙම අලි පැටවා රෝගී බවක් පෙන්නුම් කළ හෙයින්, ප්‍රතිකාර ආරම්භ කෙරුණි. ඒ සඳහා එන්ඩර්ස් කොපි පරීක්ෂණයක් ද සිදු කළ බව, පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන පශු වෛද්‍ය එම්එම් බණ්ඩාර මහතා කියා සිටියේය.

    2015 ජුනි මාසයේ මෙම අලි පැටවාගේ අස්ථි බිඳීමක් හා ඇස තුවාල වීමක් සිදුව වූ බව, බලධාරීන් පවසයි. එන්ඩර්ස් කොපී පරීක්ෂණය මගින් ආහාර මාර්ගයේ සිරවී තිබූ ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කළ ද අලිපැටවා බේරා ගැනීමට නොහැකි වූ බව, බලධාරීන් කියා සිටියේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරනු ලැබීය.

    Latest News