පින්නවල සද්ධන්තයාගේ පහරකෑමෙන් මිය ගිය දෙදරු පියා (වීඩියෝ)

නොවැ 09, 2022
  • අලියෙකුගේ පහරදීමෙන්, පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි බලන්නෙකු මියයෑමේ අවාසනාවන්ත සිදුවීමක් අපට වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි තුෂාර මෙත්තානන්ද නමැති දෙදරු පියෙක්.

    තුෂාර වසර 20කට වැඩි කාලයක සිට පින්නවල අලි සංරක්ෂණාගාරයේ සේවය කරනවා. ඔහු රඹුක්කන නවගමුවේ පදංචිකරුවෙක්.

    ඊයේ උදෑසන සේවයට පැමිණි ඔහු කණ්ඩුල නමැති අලියාට කෑම ලබාදී අලිගාල පිරිසිදු කරමින් සිටියදී මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ.

    කණ්ඩුල නමැති අලියා, අලි බලන්නාව ඒ අසළ ඇති කොන්ක්‍රීඩ් බැම්මකට සිර කරගෙන සිටියදී අසළ සිටි පිරිසගේ කෑ ගැසීමත් සමග අලියා එතැනින් ඉවත්ව තිබෙනවා. අනතුරුව සේවකයින් එක්ව කඩිනමින් තුවාලකරු කෑගල්ල මහ රෝහලට ඇතුලත් කෙරුණා.

    රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හෙද හෙදියන් එක්ව තුෂාරගෙන් ජීවිතය බේරාගැනීමට මහත් වෙහෙසක් දැරුවද බරපතල ලෙස තුවාල ලැබීමෙන් සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ.

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 11:58

    Latest News