විදුලි මෝටර් රථයක් හදන සිසුන්ට මුල්‍යාධාරයක්

නොවැ 27, 2018

    මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් නිර්මණය කරන විදුලිබල රේසින් මෝටර් රථයේ වියදම් සඳහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද ලබාදී තිබේ.

    සිසුන් විසින් මෙම විදුලි මෝටර් රථය නිර්මාණය කරනු ලබන්නේ ජර්මනියේ පැවැත්වෙන, ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහායි.

    විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු මාස ජර්මනියේ හොකන්හයින්හිදී පැවැත්වෙන අතර අන්තර්ජාතික මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය එය සංවිධානය කරයි. නව මෝටර් රථයේ නිර්මාණ කටයුතු 2019 අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතයි. පැවති මූල්‍ය දුෂ්කරතාවය හේතුවෙන් එම සිසුන් මහත් අසීරුතාවයට පත්ව සිටියහ.

    නවෝත්පාදනයෙන් ඉදිරියට යමින් දැයේ දරු පරපුරට හෙට ලොව දිනන්නට නිරන්තරයෙන් අනුග‍්‍රහය ලබාදීමට කටයුතු කරන ජනාධිපතිතුමා සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදුකරනු ලැබිණ. ජනාධිපතිතුමා විසින් ඊට අදාළ චෙක්පත කණ්ඩායම් නායක නිරංග මයුරන් සිසුවා වෙත පිලිගැන්වීය.

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 18:53

    Latest News