SLPP මාධ්‍ය හමුවට මහින්ද සහ ගෝඨාභය සහභාගි නොවේ

ඔක් 18, 2019

    කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවත්වන මාධ්‍ය හමුවට ඔවුන් එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය පවසයි.

    ඊයේ දහවල් ඔවුන් දෙදෙනා එක්වන බවට සඳහන් කළත් විද්‍යුත් තැපෑලෙන් පසුව දැනුම් දෙනු ලැබුවේ ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවට එක්නොවන බවයි.

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය කියා සිටි. ඉදිරියේදී සියලුම මාධ්‍ය සමග තනිවම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කියා සිටි.

    හැකි නම් සජිත් ප්‍රේමදාස මහතා සමග මාධ්‍ය හමුවකට එක්වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකුම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී සඳහන් කළේය.

    විපක්ෂ නායක මාධ්‍ය ලේකම් යොමු කළ විද්‍යුත් ලිපිය

    මාධ්‍ය කැඳවීම - නිවැරදි කිරීමයි

    ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව කරුණාවෙන් සලකන්න.

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2019.10.18 එනම් හෙට දින පෙ.ව. 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (අංක 100, නිදහස් චතුරස්‍රය, කොළඹ 07) දී පැවැත්වේ.
    එහි මාධ්‍ය ආවරණය සඳහා ඔබ ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    රොහාන් වැලිවිට
    විපක්ෂ නායක මාධ්‍ය ලේකම්

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 10:16

    Latest News