ඇන්ටනෝව් - 124 හදිසියේම මත්තලට

ඔක් 17, 2019

    ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනෝච් - 124 ගුවන් යානය ඊයේ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

    එම ගුවන් යානය 10වැනි වරටයි, මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙන්නේ. ටර්ක්මෙනිස්තානයේ සිට පිටත් වූ මෙම ගුවන් යානය ඊයේ උදෑසන 10.07ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

    මෙහි කාර්ය මණ්ඩලයේ 19 දෙනෙක් සිටි අතර ඔවුන්ගේ විවේකය හා ඉන්ධන ලබාගැනීම සඳහා මෙරටට පැමිණි බවයි, මත්තල ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය පවසන්නේ. ගුවන් යානය අද රාත්‍රී ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 11:26

    Latest News