උතුරු මුහුදේ මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයින් තිදෙනෙක්ට මාංචු

ඔක් 17, 2019

    ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදාව කෝවිලම් ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් අත්අඩංගුවට ගැනිණ. එම ධීවරයින් වයස අවුරුදු 31 ත් 34 ත් අතර පසුවන්නන් වෙයි.

    ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදෙන ලදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 11:05

    Latest News