හිස්බුල්ලා කඩලා ගත්තේ UNP ඡන්ද කඩන්නයි - පා.ම. බන්දුල

ඔක් 14, 2019

    ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අහිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    හෝමාගම ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළේය.

    නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය කළ හැකි වැඩපිළිවෙලක් බවද පැවසු මන්ත්‍රීවරයා, එය ක්‍රියාත්මක කළ හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවද සඳහන් කළේය. “අපිට මඩ නෑ-මඩ ගහනවා නම් ගහන්න පුළුවන් “ යනුවෙන් පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, දීර්ඝ කාලයක සිට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගොඩ අපිට නොදෙන බවයි. එය විරුද්ධ අපේක්ෂකයාට ලබා දෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, අනුර කුමාර මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන බවත්, කිසිදාක ඔහු දිනන්නේ නැති බවත් පැවසීය. නැගෙනහිර මුස්ලිම් ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙන අතර එය වැළැක්වීම සඳහා හිස්බුල්ලා මහතා, කඩා ගත් බවත් කියා සිටියේය.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 17:58

    Latest News