තවත් පාසල් 07 ක් ජාතික පාසල් පද්ධතියට

ඔක් 14, 2019

    කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ඇතුළු තවත් පළාත් පාසල් 7ක් ජාතික පාසල් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන මහා විද්‍යාලය සහ ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් බවට පත්කිරීමට ද පියවර ගෙන ඇත.

    පළාත් සභා යටතේ පවතින පාසල් ජාතික පාසල් කිරීමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර ඇත. ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව, එම පාසල්වල සේවයේ නියුතු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකගතාවත් මත ජාතික පාසල් බවට පත්කිරීම සිදුව තිබේ.

    අලුතින් ජාතික පාසල් ලැයිස්තුවට එක්වන මෙම පාසල් හත සමඟ දැනට පාසල් ජාලය තුළ පවතින ජාතික පාසල් සංඛ්‍යාව 370 ක් වනු ඇති.

     

     

     

     

    Latest News