ඇල්පිටිය ලංකාව නොවෙයි: ලංකාව ඊට වඩා වෙනස් - කීර්ති තෙන්නකෝන්

ඔක් 13, 2019

    සමික්ෂණ වාර්තා අනුව 2019 ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ වැඩි පාවෙන ඡන්ද සංඛ්‍යාවක් ඡන්දය බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසයි.

    කිර්ති තෙන්නකොන් මහතා එ බැව් කියා සිටියේ ඊයේ (12) පස්වරුවේ හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිනි.

    මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ, ප්‍රාදේශිය දේශපාලනයේ ඇති ප්‍රාදේශිය සභාවක ඡන්දයකින් ජාතික මැතිවරණයක හැසිරිම සම්පාත කල නොහැකි බවත් ඒ බැවින් ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමස්ත මැතිවරණයක නිරුපනය සමඟ එකග විය නොහැකි බවත් ඔහු කියා සිටි.

    මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ........

    බොහෝ දෙනා පුදුමයට පත් වෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිම ගැන. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් එකතු විමෙන් පස්සේ තමයි ඇල්පිටිය ඡන්දය තිබ්බේ. ඇල්පිටිය ඡන්දය තියෙන කොට විවිධ ප්‍රචාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට අවාසිසහගත විදිහට එ ප්‍රදේශයේ පතුරා තිබුණා. නමුත් එ සියළු තත්ත්වයන් හමුවේ 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ලබාගෙන තිබුණා. එ නිසා හොදින්ම පැහැදිලි මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භුමිකාව ඉතාමත් තිරණාත්මක වෙනවා කියලා.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් හැටියට ගන්නා තිරණ වලට වඩා ප්‍රාදේශිය සභාවල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභිකයෝ, අපෙක්ෂකයෝ සහ ගම්වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මේ මැතිවරණයේදි ඉතාමත් තිරණාත්මක සාධකයක් වෙන්න පුළුවන්. ලංකාවේ සැම ජාතික මැතිවරණයකදිම ලැබෙන ප්‍රතිපලය සහ ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමගාමි වෙන්නේ නැ, එ නිසා ලංකාවේ තියෙන සැම පලාත් පාලන මැතිවරණයක ඡන්ද ප්‍රතිපලය තුල ජාතික මැතිවරණයක පිලිබිඹුව දකින්නට ලැබෙන්නේ නැ යනුවෙන් පැවසිය.

    Latest News