රණවිරුව දායකත්වයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සජිත්ගෙන් පුළුල් වැඩපිළිවෙළක් (වීඩියෝ)

ඔක් 12, 2019

    ත්‍රස්තවාදය පිටු දැකීමට, තම පාලනයක් යටතේ නව නීති-රීති ඇතුළත් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ධූර අපේක්‍ෂකයින්ගේ ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳව, සෘජුව ප්‍රශ්න කෙරෙන “මීට් ද කැන්ඩිඩේට්“ නමැති වැඩසටහනට එක්වෙමින්. ශ්‍රී ලංකාවේ අමෙරිකානු ආයෝජන මණ්ඩලය වැඩසටහන සංවිධාන කළේය.

    ශ්‍රී ලංකාවේ නායකත්වය දැරීමට ඔබතුමා කොහොම අත්දැකීම් යොදා ගන්නේ?

    එය මගේ ජීවන අත්දැකීම්වලින් පමණක් ලබාගත් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මම හිතනවා, එය මම ලබාගත්තේ, මගේ බුද්ධිමය හැකියාවන් තුළින් බව. රටක ඕනෑම පාලකයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒවා ආර්ථිකමය, සාමාජීය, දේශපාලනික, ආරක්‍ෂක වැනි තවත් බොහෝ දේවල්. මට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මේ රට පාලනය කිරීම සහ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම ගැන. 

     

    අපේ රට දිගුකලක සිට මුහුණ දෙන ගැටලුවක් තමයි ජාතිවාදය. මුස්ලිම් ජාතිකයන් මෙන්ම, සුළු ජාතිකයන් පිළිබඳ ගැටලු අප්‍රේල් 21 ප්‍රහාරයෙනුත් අපට දැනුණේ, ඒ සම්බන්ධයෙන් ගැටලු ඇති බවයි. ඔබ කොහොමද එය දකින්නේ?


    ත්‍රස්තවාදය සහ රටවල් අතර, සබඳතාවන් ඇති කිරීමට ඇති බිය මාගේ විරුද්ධවාදීන් ප්‍රසිද්ධවීමට යොදා ගන්නා ආයුධ. එය සැමවිටම සුවිශේෂි වන්නේ නැහැ. ඔවුන් දේශපාලන බලය ලබා ගැනීමට මෙය ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. ත්‍රස්තවාදය පිළිබඳ ගැටලුව ඉතා ඕනෑකමින් සොයා බැලිය යුතුයි. ඒ නිසාමයි මම ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා වැනි යුද විරුවන්ට රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති වගකීම බාර දෙන්න හිතුවේ. මම හිතනවා, ත්‍රස්තවාදය පරාජය කිරීමට නව නීති අවශ්‍යයි. ආගම් සම්බන්ධයෙන් ඇති වෛරී ප්‍රකාශන අපි නැවැත්විය යුතුයි.

    Last modified on සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 22:18

    Latest News