මුහුදු කූඩැල්ලන් සමඟ 03 ක් නාවික හමුදා භාරයට

ඔක් 12, 2019

    නාවික හමුදාව අද (12) උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    උතුරු මැද නාවික විධානය කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලු බවට මොවුන් නාවික හමුදා බාරයට ගෙන ඇත්තේ. එහිදි ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ ඔක්සිජන් සිලින්ඩර් 05 ක් සිය බාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

    සැකකරුවන් අවුරුදු 25, 27 සහ 28 වන වයස් හි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සැකකරුවන් සහ ධිවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

    Latest News