පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව 23 වැනිදා එළියට

ඔක් 12, 2019

    පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාව ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

    පසුගිය කාල සීමාව තුළ කාරක සභාව මගින්, ජනධිපති, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු 60 කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

    මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වනදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් සඳහන් කලේය.

    කතානායක කරු ජයසූරිය විසින් මෙම විශේෂ කාරක සභාව ඉකුත් මැයි මස 22 වනදා පත්කළ අතර මැයි මස 29 වනදා එම කාරක සභාව පළමුවරට රැස්විය.

    අවසන් වාර්තාව සකස් කිරීම සඳහා එම කාරක සභාව අවසන්වරට ලබන 17 වනදා රැස්වීමට නියමිතයි.

    Latest News