“ටෙක්නෝ ශ්‍රී ලංකා 2019” සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

ඔක් 11, 2019

    ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන අතර මෙරට දැවැන්තම හා එකම ඉංජිනේරු තාක්ෂණ ප්‍රදර්ශනය ලෙස එය සංවිධානය කෙරේ.

    “තිරසර ශ්‍රී ලංකාව දෙසට නව්‍ය ඉංජිනේරු විද්‍යාව” මැයෙන් මෙවර ප්‍රදර්ශනය තෙදිනක් පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත් වේ.

    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය ටී.එම්. පල්ලෙවත්ත, ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 කමිටු සභාපති මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:25

    Latest News