එක කඳවුරේ පුහුණුව ලද මිතුරන් දෙදෙනෙකු දේශපාලනයේ මිතුරන් ලෙසන්

නොවැ 30, 2019

    යුද හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමුවූහ.

    ඒ, දේශපාලන තොරතුරු පිළිබඳ කතා කිරීමට නම් නොවේ. ඉන් එක් අයෙකු වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමායි. අනෙක් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ.සිං මහතා. මෙම හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ දැනට විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු එක්වූහ.

    එය බොහෝ සුහදශීලි අතීතය ස්මරණය කරන පිළිසඳරක් බවට පත්වූහ. මේ අතරින් බොහෝ දෙනෙකු ඉන්දීය සාමසාධක හමුදාවේ නිලධාරීන් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අය. එම අතීතයත් අමතක නොවන සිදුවීමත් මේ කතාබහට ඇතුලත් වූහ. ඔවුන් වෙන්වෙලා ගියේ පරණ අතීතය විසින් නැවත එක් කළ අළුත් මිතුරන් පිරිසක් ලෙසින්. මෙහි වැදගත් කාරණය වන්නේ, මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැඟුවේ දෙරටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුර වීමයි.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 08:39

    Latest News