යුද්ධට බයේ රටින් පැන්න අයෙකු වෙනුවට ජාතික ආරක්‍ෂාවේ ඉහළම සහතිකය එ්ජාපයෙන් - පා.ම. හේෂා විතාන

ඔක් 11, 2019
  • ජාතික ආරක්ෂව සම්බන්ධ ඉහළම සහතිකය නව ප්‍රජතාන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක ඊයේ රටට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පවසයි.

    යුද්ධයේ සැබෑ අත්දැකීම් ඇති විරුවට ඒම වගකීම පැවරිමට තීන්දු කර ඇති බව ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්‍ෂය කොළඹ දී අද කැඳවු මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

    ඉදිරි ජනාධිපතිවරණය සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව එහිදී අදහස් පළ කෙරිණ. 

    අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා...

    “වැඩිම ජනතාවක් සම්බන්ධ වෙච්ච රැලිය ඊයේ ගාලු මුවදොර පිටියේ දී අවසන් කළා. ඉතිහාස ගතවන කොළඹ දෙදරන්න සෙනඟ ගෙන ආපු මහ දැවැන්න රැලියක් බවට පරිවර්තනය වුණා. ආරක්‍ෂක ලේකම්වරයා විධියට යම් මෙහෙවරක් කළා, මම තමයි ජනාධිපතිවරණයට සුදුස්සා කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කිව්වා. දැන් සජිත් ප්‍රේමදාස අපේ අපේක්‍ෂකතුමා මේ රටේ බිහිවෙච්ච කීර්තිමත්ම යුද හමුදාපතිවරයා සරත් ෆොන්සේකා මැතිතුමාට ප්‍රසිද්ධියේ ගෝල්ෆේස් පිටියේදී බාරදුන්නා මේ රටේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම. රටේ ආරක්‍ෂාවට ලංකාව ඇතුළේ ඉන්නවානම් ඇත්තටම, සැබෑවටම යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක් සරත් ෆොන්සේකා මැතිතුමා. මේ රටේ ආරක්‍ෂාව ගැන යම් සැකයක් තිබුණනම් ජනතාවට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක එකතුවෙන්න බැරිව අන්න ඒකට අද උත්තරයක් ලබාදුන්නා“ යැයි හේෂා විතානගේ මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා....

    ඊයේ රැස්වීම දිහා බැලුවහම පොහොට්ටුවේ කණ්ඩායමට ආයි පරාජය ගැන මතක් වෙන්න ඇති. ඒ ගොල්ලෝ බලනවා මේ පරාජය වහගන්න. මිලියන 18ක් ඡන්දය දෙන මේ ජනාධිපතිවරණය සංසඳනය කරන්න හදනවා තිස් පන්දාහක් පමණ ඡන්ද දායකයෝ ඉන්න ඇල්පිටියේ මැතිවරණය. අලියට මැද කොළඹ වගේ තමයි පොහොට්ටුවට ඇල්පිටිය. 2011දී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය තිබ්බහම එක්සත් ජාතික පක්‍ෂයට හිමිවුණේ 30%යි. 58%ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායමට හිමිවුණා. වැඩ පෙන්වන්න ඕනේ නම් වැඩි කරලා පෙන්වන්න 58%. අද ඇල්පිටියත් කරකිරිලා“ යැයි අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:31

    Latest News